Colombo Today Local News

මහර ගැටුම : රැඳවියන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්.. අධිකරණයේදී හෙළි වෙයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම එහිදී සිදුවූ වෙඩි ප්‍රහාරවලින් මියගිය බව අද (08) දින අනාවරණය වුණි.

ඒ ඊට අදාළ නඩුව අද යළිත් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමට අදාළ නඩුව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීය.

එහිදී අධිකරණය විසින් පත්කළ විද්වත් කමිටුව අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ එම ගැටුමේදී මියගිය රැඳවියන් 11 දෙනා එදින සිදුවූ වෙඩි තැබීම්වලින් ඇති වූ මාරාන්තික තුවාල නිසා මියගොස් ඇති බවය.

මින්පෙර රැඳවියන් 08 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ අතර අද සෙසු තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී වාර්තාකළේ සෙසු තිදෙනාත් වෙඩි වැදීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බවය.

අදාළ රැඳවියන් තිදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොතිබීම නිසා ඔවුන්ගේ දේහයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජයේ වියදමින් භූමදානය කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

එමෙන්ම එම රැඳවියන් තිදෙනාගේ ඥාතීන්ට ආගමික වත්පිළිවෙත් සිදුකිරීමට අවස්ථාව ලබාදෙමින් එකී භූමදාන කටයුතු සිදුකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.

මෙහිදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ ගැටුම අතරතුරදී මහර බන්ධනාගාරයේ දේපලවලට රුපියල් කෝටි හයහමාරකට ආසන්න අලාභයක් සිදුව ඇති බවය.

Related posts

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

යහපාලන රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ගිවිසුම් 3ක් ගැන විග්නේෂ්වරන් හෙළිකරයි

colombotoday

විපතට පත් අයට සමෘධියෙන් සහන දෙන්න එස්.බී. ජනතාවගෙන් ආධාර ඉල්ලයි

colombotoday

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday

සති දෙකක් ඇතුළත වහා ඉල්ලා අස්වෙනු – ජනපති පොලිස්පතිට දැනුම් දෙයි…

colombotoday

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin