Colombo Today Local News

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය අටවැනි වරටත් සංවිධානය කරන මාතෘභූමි වන්දනා රණවිරු උපහාර උළෙල නොවැම්බර් 29 වැනි දා පැවැත්වෙයි. ලන්ඩන් නුවර ක්වීන්ස්බරි හී සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථාන ශාලාවේදී සවස 3 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙන උපහාර උළෙලේදී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සුරැකීම උදෙසා එදා මෙදා තුර දිවි හිමියෙන් කැපවූ සියළුම විරුවන් සිහිපත් කරනු ඇත. ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් රැසක් මෙහිදී ගී ගැයීමට නියමිතය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම මහතා “රටක් වැනසූ පටු පක්ෂ දේශපාලනයට වඩා අප උපන් මාතෘ භූමිය අප සැමට අගනා බැවින් මෙවරත් උතුම් අවස්ථාව සඳහා ලබන ඉරිදා අප හා එක්වන ලෙස රටට, ජාතියට සහ රණවිරුවන්ට ආදරය කරන ඔබ සැමට කාරුණිකව ආරාධනා කරන බව” පැවසිය.

Related posts

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

colombotoday

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

colombotoday

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

Admin

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

යුතුකමේ මෙහෙවර ඵලදරයි.. ඇපමුදල් ගෙවා රණවිරුවන් ගෙදර යයි !

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday