Colombo Today Local News

උතුරෙන් හමුදාව ඉවත් කිරීමට තවත් කල් ගත නොහැකි බවට රජය සමග එකඟ වීමු – සමැන්තා පවර්

Samantha-power-Palihakkaraශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙමින් උතුරට ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපද නිත්‍ය නියෝජිත සමැන්තා පවර් පවසා ඇත්තේ යාපනයෙන් හමුදා ඉවත් කිරීම ගැන 22 ඉරිදා උතුරේ ආණ්ඩුකාරයා සමග සාකච්ඡා කළ බවයි.

‘යාපනයේ සංවර්ධනය සහ හමුදාහරණය සඳහා තවත් කල් ගත නොහැකි බවට එකඟ වීමු’ යි ආණ්ඩුකාර එච් ජී එම් එස් පලිහක්කාර හමුවීමෙන් අනතුරුව තානාපතිනි පවර් සිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැනුම් දී තිබේ.

මහ ඇමැති සී වී විග්නේස්වරන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය උතුරේ දී හමුවූ එක්සත් ජනපද නියෝජිත පිරිස රජයට සහාය දක්වන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. එමෙන්ම උතුරෙන් හමුදාව ඉවත් කිරීමේ අවශ්‍යතාවය ගැන විග්නේශ්වරන් විසින් එක්සත් ජනපද නියෝජිතවරිය සමග සාකච්චා කර ඇත. උතුරු පළාතේ අතුරුදන් වූවන් සහ දේශපාලන සිරකරුවන් පිළිබදවද මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

එක්සත් ජනපද නිත්‍ය නියෝජිත වරිය පවසන්නේ ‘සංහිඳියාව සහ නැවත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාවට උදාවී ඇති අගනා අවස්ථාව තවත් ශක්තිමත් කිරීමට උපකාර වන ලෙස’ මහ ඇමැති වරයාගෙන් ඉල්ලා සිටි බවයි.

Related posts

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday

ජූලි 29 ඉතිහාසයේ කලු දිනයක්.. එදා මාමා කළ දේම අද බෑණා කරයි !

colombotoday

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

colombotoday

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

Admin

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday