Colombo Today Local News

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

3922232පොලිස් දෙපාර්තමේන්තුවේදී සැමරුම් උත්සවයක් රත්නපුරයේදී පැවති අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුම සැක සහිත බවත් පොලිස්පතිවරයා ඊට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

සමාජ කතිකාවක් බවට පත්ව ඇති එම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා, ලිපි ගොනුවක් භාරදීම සඳහා ‘අදාළ නිලමේ’ උසාවියට කැඳවනු ලැබ තිබූ බවත් එහිදී ඔහු අත්අඩංගුවට ගනු ඇත්දැයි යන්න දුරකථනය හරහා පොලිස්පතිවරයාගෙන් විමසා ඇති බවත් සඳහන් කළේය.

පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම ලබා ගත්තේ කවුරුන්දැයි යන්න විමසූ අවස්ථාවේ අගමැතිවරයා කියා සිටියේ “මම හිතන්නේ ඇමතිතුමා අහලා තිබුණේ” යනුවෙනි.

පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම දුන් පුද්ගලයා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හෝ අගමැතිවරයා විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මින්පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

දුෂිතයන්ට දඬුවම් ලබා දෙන බවට 2015 ජනවාරි 08 වනදා ජනවරමේ පැහැදිලිව සටහන් වූ බව ඊයේ (දෙසැ.03) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එවැනි වරදකරුවන්ට දඬුවම් ලබා දීමට බලය තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දුරකථන ඇමතුමකට අනුව ප්‍රතිචාර දැක්වීම බරපතළ තත්වයක් ලෙස හැඳින්වීය.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ “මමත් ඔය නිලමේව දන්නවා. අපි එක්ක ඉඳලා, ගිහිං රජතුමාට හේත්තු වුනා. ඒත් පරණ සම්බන්ධකම් තියන නිසා ඇවිල්ලා අහනවා මාව ගිනියනවද නැද්ද කියාලා,” යනුවෙනි.

තමන් අත්අඩංගුවට ගන්නේදැයි දැන ගැනීම සඳහා ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එසේ පොලිසියට දුරකථන ඇමතුම් ලබා ගන්නා බවත් අගමැතිවරයා සඳහන් කළේය.

‘අදාළ නිලමේට’ එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කී අගමැතිවරයා අවශ්‍ය නම් ඔහු අත්අඩංගුවට ගන්නා බවත් පැවසීය.

Related posts

තෙල් ගේන්න පැරණි සමාගමටම ටෙන්ඩරය දෙයි

Admin

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

colombotoday

රාජපක්ෂ කාලෙ බිලියන හාරදාහක බැදුම්කර මගඩියක් වෙලා.. ජනපති කොමිසමක් පත්කර ඒ ගැන හොයනවා

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 13 දක්වා ඉහලට.

colombotoday

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

colombotoday

අයිතිවාසිකම් ඉල්ලා මුස්ලිම් පිරිසක් උද්ඝෝෂණයක

colombotoday