Colombo Today Local News

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

rajithaඅමාත්‍යවරුන් සඳහා අලුතින් වාහන මිලදී ගැනීම තාවකාලිකව නතර කර ඇතත් එම වැඩ පිළිවෙල ඉදිරි කාලයෙහි ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරුන් සඳහා අලුතින් මෝටර් රථ මිලදී ගැනීමේ යෝජනාව සාධාරණීකරණය කරන සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න ‘ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන්ට අමාත්‍යංශ මෙහෙයවීමේ භාර ධුර වගකීමට අමතරව තම දිස්ත්‍රික්ක වල කටයුතු පිළිබඳ වගකීම ද පැවරී ඇති බැවින් රට පුරා සංචාරය කිරීමට සිදු වන බව ‘ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින් පෙන්වා දුන්නේය.

‘දිස්ත්‍රික්කයක් පුරා ගමන් කරනවා කියන කාරණය ලේසි පහසු දෙයක් නොවෙයි. අනෙක් කාරණය අමාත්‍යවරු වශයෙන් අපට මුළු රට පුරාම ඇවිදින්න වෙනවා. යුරෝපයේ ඇමතිවරු කොහෙවත් ඇවිදින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ තිබෙනවා ෆෝ වීල් නැතුව යන්න බැරි’ සෞඛ්‍යය ඇමතිවරයා පවසයි.

වෙනත් රටවල අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් සංසන්දනය කරමින් ඇතැමුන් කරන ප්‍රකාශ කෙතරම් ප්‍රායෝගික දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

‘මේ රටට ඇමතිවරු විස්සයි, එහෙම නම් මේ පුංචි රටට දහයයි කියලා, සමහරු කියනවා. නමුත් ඒ රටට විස්ස නම් මේ රටට දෙසීයක්වත් අවශ්‍යයි. මළ ගෙදර, මඟුල් ගෙදර, කොටහළු මඟුල් ගෙදර වැනි ගමන් තිබෙන සංස්කෘතියක් යටතේ මේ රටේ ඇමතිවරු ක්‍රියා කරන්නේ’

සිය අවශ්‍යතාවයන්ට ගැළපෙන මෝටර් රථ සුඛෝපභෝගී වාහන ලෙස හැඳින්වීම නිවැරදි නොවන බවත් ඔහු සඳහන් කළේය.

‘මේ රටේ සුඛෝපභෝගී වාහන හඳුන්වන ඒවා අනෙක් රටවල සුඛෝපභෝගී නැහැ. ඩොලර් එක වැඩි වීමත් බදු ගැසීමත් නිසා සුඛෝපභෝගී වෙලා තිබෙන්නේ’

සාලාව හමුදා කඳවුරේ ගින්න හේතුවෙන් අවතැන් වූ ජනයාට සහන සැලසීමෙන් අනතුරුව අමාත්‍යංශ සඳහා අවශ්‍ය වාහන මිළදී ගන්නා ලෙස අගමැතිවරයා දන්වා ඇති බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 118 කට අධික මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

(බිබිසි සංදේශය)

Related posts

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

“ඉස්ලාමය අතහැරියේ එය පිළිගත නොහැකි නිසයි“ – ඉස්ලාම් අතහැරගිය අයගේ සංගමය

colombotoday

මුලතිව් කෝකිලායි බුදු පිළිමයක් පොළොවේ ගහලා

Admin

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

colombotoday