Colombo Today Local News

සිරගත කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා අලුත් පරපුර ඇතුළු NGO ක්‍රියාකාරීන් වීදි බසී

දේශපාලන සිරකරුවන් (කොටි ත්‍රස්තවාදී සිරකරුවන්) නිදහස් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරීහු පිරිසක් ඊයේ වැලිකට බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

අලුත් පරපු, ලංකා ගුරු සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

නඩු නොදමා වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින දේශපාලන සිරකරුවන් මුදා නොහැරීම නිසා ඔවුනගේ මානව හිමිකම් කඩවන බව විරෝධතාකරුවෝ පැවසූහ.

සිරගත කර සිටි කොටි සැකකරුවන්ගෙන් පිරිසක් රජය පසුගිය සමයේ නිදහස් කරන ලද අතර මේ වන විට සිරගත කර සිටින්නේ බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන ප්‍රහාර හා සමූහ මිනිස් ඝාතනවල නියැළු, ප්‍රහාර සැළසුම් කළ සහ ඒ සදහා පුහුණුව ලැබූ දරුණු ගණයේ ත්‍රස්තවාදී සැකකරුවන්ය.

Ltte NGO

Related posts

අනුර කුමාර කැනඩාවට

Admin

අගමැතියි, එජාප ඇමතිලය ඉවත්කරනවානම් ඒකාබද්ධයේ සහය ජනපතිට

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday