Colombo Today Local News

විජේදාස රවීගේ රෙදි ගලවයි

ඇමෙරිකානු ඩොලර් ලක්‌ෂ තුනක්‌ ආයෝජනය කරන විදේශිකයන්ට වසර පහක්‌ දක්‌වා මෙරට නේවාසික වීසා පහසුකම් ලබාදීම සම්බන්ධ යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්ව නැතැයි අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා පැවසීය.

එවැනි යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් වුවහොත් ඊට කිසි ලෙසකින්වත් එකඟ නොවන බව ද කී ඇමැතිවරයා එවැනි වීසා පහසුකම් ලබාදීමට ගියහොත් රටේ ආරක්‌ෂාවට මෙන්ම විශාල ප්‍රශ්න ඇතිවනු ඇතැයි ද කියා සිටියේය.

ඩොලර් ලක්‌ෂ තුනක්‌ යනු ඉතාම කුඩා මුදලක්‌ බවත් එවැනි මුදලකින් කොළඹින් මිලදී ගත හැකි වනුයේ පර්චස්‌ දෙකක්‌ වැනි ඉඩමක්‌ බව ද හෙතෙම සඳහන් කළේය.

එවැනි මිලකට වීසා ලබාදීම තුළින් දේශීය සුළු ව්‍යාපාරිකයන්ට විශාල ගැටලුවක්‌ ඇතිවන බවත් එවැනි යෝජනාවක්‌ විහිළුවට හේතුවන කාරණයක්‌ බවත් ඒ මහතා පැවසීය.

එවැනි යෝජනාවක්‌ මෙතෙක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්ව නැතැයි ද එවැන්නක්‌ ඉදිරිපත් වුවහොත් කැබිනට්‌ මණ්‌ඩලයේදී එය පරාජය කරන බවත් ඔහු පැවසීය.

මුදල් ඇමැතිවරයා විසින් පෙරේදා (12 දා) කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධව ‘දිවයින’ පුවත්පත කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

colombotoday

පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

Admin

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල්දෙයි

colombotoday

ව්‍යාජ දළදා මාලිගාවේ වහල ගලවයි… හිටපු පා. මන්ත්‍රී මර්වින් සිල්වා තගේකුත් දායි

Admin