එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සමඟ මෙම 2දා යාපනයේ පවත්වන සාකච්ඡාවට උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මහතාට ඇරයුම් කර නැත.
මේ නිසා ද්‍රවිඩ සන්ධානය සහ උතුරු මහඇමැතිවරයා අතර දැඩි අර්බුදයක් ඇතිවී තිබේ.
බෑන් කී මූන් මහතා සමඟ පවත්වන සාකච්ඡාවට තමාට ඇරයුම් නැති බව විග්නේෂ්වරන් මහතා යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාවට ඇරයුම් කරන්නේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.