Colombo Today Local News

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු එල්.ටී.ටී.ඊ හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන අටකට පනවා තිබුණු තහනම ඉවත් කර තිබේ. 20 වනදා රාත්‍රියේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම තහනම් ඉවත් කර ඇත.

2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණි. නව ගැසට් සංශෝධනය අනුව ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි. ඒ අනුව

  • ගෝලීය දෙමළ සංසදය,
  • බ්‍රිතාන්‍ය දෙමළ සංසදය,
  • කැනේඩියානු දෙමළ කොංග්‍රසය,
  • ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය,
  • කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය,
  • ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය,
  • ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව

යන සංවිධානවල තහනම් ඉවත් කර තිබේ. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව වාර්තාවේ.

Related posts

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට..! සියලූම පත්වීම් සුදුසුකම් මත

colombotoday

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday

සහරාන් යටතේ අන්තවාදී පන්ති පැවැත් වූ තවත් අයෙක් TID අත්අඩංගුවට

colombotoday

iPhone 39ක් සහ රත්‍රං කිලෝ 3ක් සමග 6ක් අත්අඩංගුවේ

colombotoday

බේබදු පියාගේ උදලු පහරින් දියණිය මරු දකී

colombotoday