පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් දේශපාලන බලවේගයක් ගොඩනැගිය යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පැවැති යුතුකමේ සංවාද කවයේ දේශනයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එම දේශපාලන බලවේගයේ නායකයා තමා නොවන බවයි.
තමා සූදානම් වීමට අවශ්‍ය නැති බවත් ඒ සඳහා ජනතාව සූදානම් වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.