Colombo Today Local News

තම රටේ උතුරු මුහුද දකුණේ ධීවරයන්ට තහනම්.. බලපත්‍ර නිකුත් කිරීම අමාත්‍යාංශය අත්හිටුවයි !

fisher262

උතුරු මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදීම සදහා දකුණේ සිට පැමිණෙන ධීවරයන්ට නව බලපත්‍ර නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

නිලධාරීන්ට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ලේකම්වරියට නියෝගකර ඇති ඇමති වරයා අමාත්‍යාංශ නියෝග නොතකා බලපත්‍ර නිකුත් කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පවසා තිබේ.

දකුණු පළාතේ සිට මුලතිව් දිස්ත්‍රික්කය ඇතුළු උතරු පළාතේ මසුන් මැරීමට පැමිණෙන ධීවරයන් නවතා දැමීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම බලපෑම් කල අතර පසුගිය අප්‍රේල් 30 වැනිදා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශිවමෝහන් ඇතුළු පිරිසක් මුලතිව් ධීවර සංගම් කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජය මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගත යුතු බවට අවධාරණය කර සිටියහ.

දකුණු පළාතේ සිට පැමිණෙන ධීවරයන් හේතුවෙන් වර්තමානයේ මුලතිව් ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර රැකියාව සිදු කර ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් මේ වන විට ඉන්දියානු ධීවර යාත්‍රා දහස් ගණනින් උතුරු මුහුද ආක්‍රමණය කර රටේ මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යයි. මෙනිසා ශ්‍රී ලංකාව හා තමිල්නාඩු ප්‍රාන්ත රජය අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසදුමක් ලෙස වසරකට දින 45ක් පමණක් ඉන්දියානු ධිවරයන්ට ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළුවීම වළකාලන යෝජනාවක් ඉන්දියානු රජය විසින් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකා රජය එය පිළිගෙන තිබේ. ඒ අනුව වසරේ ඉතිරි දින 220 තමන්ට රිසි සේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමට ඉන්දියානු ධීවරයන්ට අවස්ථාව හිමිකර දී තිබෙන පසුබිමක තම රටේම උතුරු මුහුදු තීරයට ඇතුළු වීමට දකුණේ ධීවරයන්ට තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

Related posts

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin

හත් ලක්ෂයක මාසික කුලියට වාහන දෙනවාට හරස්වූ බෝපගේට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීන් අවි අමෝරයි

colombotoday

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

colombotoday

හමුදාවට එරෙහිව බේගල් කියූ, එක්නැලිගොඩ බිරියට ඇමරිකාවෙන් සම්මානයක් !

colombotoday

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

colombotoday