2020 අලුත් ආණ්ඩුව පිහිටුවීමේ යතුර ඇත්තේ හෙළ උරුමය අතේ බව මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් මීළගට බලය ගත යුතු පක්ෂ දෙක බවත් ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කර වැඩක් නැති බවත් පැවසූ අමාත්‍යවරයා තමන් සිටින තුරු යළිත් වරක් රාජපක්ෂලාට මේ රටේ බලය ලබාගැනීමට ඉඩ නොතබන බවද පැවසීය.
ඔහු මේ අදහස් පළකලේ ‘රට හරි මගට ගැනීම’ යන මැයෙන් මාතලේදී පැවති දේශනයකට සහභාගී වෙමිනි.