Colombo Today Local News

උඩුවේ හිමිට ඇප.. අලි පැටවා ළග තබාගත්තාට නීතිපතිගෙන් අධි චෝදනා !

uduwe dammaloka himi

අලි පැටවෙකු ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කළේය.

මිට පෙර නිකුත් වූ නොතීසියකට අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද (20) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කළේය.

එම චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරු බව ප්‍රකාශ විමෙන් පසු ඊට අදාළ නඩු විභාගය අගෝස්තු මස 02 සහ 03 දිනවලදි පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කර තිබේ.

ඒ අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පෙර නියම කර තිබූ රුපියල් ලක්ෂ 60 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහරිනු ලැබීය. නීතිපතිවරයාගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අගතිදායක ප්‍රකාශ සිදු කිරිමෙන් වලකින ලෙසට විනිසුරුවරයා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි වෙත නියෝග කර තිබේ.

එමෙන්ම උන්වහන්සේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

 

Related posts

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday