ආණ්ඩුවේ මංගල අයවැය තේරුම් ගැනීමට විපක්ෂයට හුගක් කල් යනු ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අයවැය ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා “මේ අයවැය විපක්ෂයට තේරුම් ගන්න හුගක් කල් යාවි. අපි මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් තමයි අයවැය ඉදිරිපත් කළේ. හිටපු ජනාධිපතිතුමාට අයවැය මෙලොව රහක් නැතිලු. එතුමා මොලොව රහක් තිබුණේ නැහැ වසර 11ක්ම. ඒ රහ දැන් තමයි දැනෙන්නේ. මේක ක්‍රියාත්මක වුණාම තේරෙයි රහ කොහෙද තියන්නේ කියලා” යැයි පැවසීය.