Colombo Today Local News

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

අද (05)ත් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව සිට, මීගමුව, රඹුක්කන, පොල්ගහවෙල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් 04 ක් මේ වන විට අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ පවතින ඉන්ධන අර්බුදය හමුවේ, දුම්රිය සේවකයින්ට සේවා සඳහා පැමිණීමේ ඇතිවු ගැටලු හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ, සෙසු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගෙන ඇති බවයි.

එහෙත් ඇතැම් දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව ද, පාලක මැදිරිය පවසයි.

මේ අතර, බස් ධාවනය සීමා වීම හේතුවෙන්, මගීන් දැඩි පීඩාවට පත්ව සිටී.

Related posts

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

හෙට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

colombotoday

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

colombotoday

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday

කටුනායක වැසෙයි.. මත්තල පිරී ඉතිරෙයි

colombotoday