Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඔක්තෝබර් 30 වැනි දා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 18,055 ක් වේ.

මේ අතර ඊයේ(30) දිනයේ බස්නාහිර පළාතේ කළ මෙහෙයුමකින් ත්‍රීරෝද රථ 4,197 ක් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර නිරෝධායන නීතින් උල්ලංඝණය කරමින් ත්‍රීරෝද රථ 06ක ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු පැවසුවේ, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය බවය.

බස්නාහිරින් ඇතුළු වන හා පිටවන ස්ථාන 14කදී පුද්ගලයින් 4,463ක් හා ඔවුන් පැමිණි වාහන 2,296 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් එයින් පුද්ගලයින් 84 දෙනෙක් තමන්ගේ ස්ථාන වෙත පිටත් කර යවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අද දිනයෙත් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවය.

Related posts

වසරකට ගවයන් 73000 ක් ඝාතනය කෙරේ.. ඉස්ලාම්කරණය වූ කොළඹ නගරයම ගව ඝාතකාගාරයක් !

colombotoday

පොම්පියෝ නෙමෙයි ඊට වඩා ලොක්කෙක් ආවත් දැන් රට පාවා දෙන්නේ නෑ

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

colombotoday

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday