Colombo Today Local News

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

බිහිසුණු ත‍්‍රස්තවාදයක් පරදවා ලොවම මවිත කළ මහින්ද රාජපක්ෂ වැනි ජන නායකයකු ආරක්ෂා කිරීම ශ‍්‍රී ලාංකිකයන්ගේ මෙන්ම ජපානය වැනි සාමය අගයන රටවල ද යුතුකමක් බව ජපානයේ ප්‍රධානතම බෞද්ධ විහාරස්ථානයක් වන කුබෝ විහාරස්ථානයේ විහාරාධිපති නාහිමිපාණෝ පැවසූහ.

ඊයේ ශ‍්‍රී ලංකාවේ 5වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස වෙනුවෙන් ජපානයේ කුබෝ විහාරස්ථානයේ පැවැති ආශිර්වාද පූජාවෙන් අනතුරුව අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ එසේ පැවසූහ.

එහිදී කුබෝ විහාරාධිපති නාහිමිපාණෝ මෙසේ ද සදහන් කළේයග

‘‘ රටක අධර්මිෂ්ඨ පාලනයක් ඇති වූවාම ගංවතුර උවදුරුල නායයෑම්ල හදිසි ගිනිගැනීම් ආදී නොයෙක් උවදුරු ඇති වන බව බුදුදහමෙහි සදහන් වෙනවා. අද ලංකාද්වීපයේ එවැනි උවදුරු ඇති වන්නේ අධර්මිෂ්ඨ පාලනයක් බිහිව තිබෙන නිසා බව අපගේ විශ්වාසයයි. ඒ උවදුරු දුරුව ගොස් ලංකාද්වීපයට යළි සාමයල සෞභාග්‍යථ උදාවීමට නම් නැවතත් මහින්ද රාජපක්ෂ වැනි ධර්මිෂ්ඨ නායකයකු අවශ්‍යයි. එ සදහා මහින්ද රාජපක්ෂ නාමයට ගරු කරන ජපන් ජාතිකයන්ගේ උපරිම සහයෝගය ලබාදීමට අප කටයුතු කරනවා.

දහස් සංඛ්‍යාත ජපන් ජාතික බැතිමතුන් පිරිසකගේගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආශිර්වාද පූජාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජානක වක්කුඹුර, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේතු මන්ත්රීණවරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර

Related posts

අද සවස් වරුවේ වැසි

Admin

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

colombotoday

බියර් මිල අඩු කළේ කසිප්පු, වල් රා බීම අඩු කරන්නයි.. දැන් ලාබෙට බියර් බොන්න පුළුවන් !

colombotoday

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න තීන්දුයි

colombotoday

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday