Colombo Today Local News

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සහන කාලය දීර්ඝ කරේ

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කර තිබේ.

රට තුළ ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන්, සේවාවන් ලබා ගැනීමට මහ ජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මේ බව සදහන් කරයි.

ඒ අනුව 2022 අගෝස්තු මස 29 වන දා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබේ.

Related posts

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

වරාය, ගුවන්තොට විකිණීමට විරෝධය දැක්වූ 28ක් රිමාන්ඩ්

colombotoday

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

colombotoday

මුස්ලිම් දරුවන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් කරන මද්රසා පාසල් 1169ක් රට පුරා..

colombotoday

‘මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා’ – නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කියයි

Admin