Colombo Today Local News

ගම්පහ අධිකරණය අසලදී වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ මරුට

ගම්පහ අධිකරණය අසලදී ඊයේ (27) දහවල් සිදු කළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ‘පස් පොඩ්ඩා’ නමැත්තා මිය ගොස් තිබේ.

සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙක් වෙඩි ප්‍රහාරයට ලක් වුණේ, ගම්පහ අධිකරණයේ නඩු කටයුත්තකට පෙනී සිට අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදීයි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

44 සහ 49 හැවිරිදි ගලගොඩ, කුලීගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස මියගියේ ය.

පොලිසිය සැක පළ කරන්නේ එම වෙඩි තැබීම අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ පෙරේදා සිදු වූ වෙඩි තැබීමට යම් සබඳතාවක් ඇති බවටය.

මෙම ඝාතනය ද ඇතුළුව පැය 48 ක් තුළ වෙඩි තබා සිදු කළ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 05 කි.

Related posts

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාද් සාලි ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර ඉල්ලයි.

colombotoday

අසීලාචාර හැසීරීමට හේතු කියා සනත් නිශාන්ත කථානායකට ලිපියක් ලියයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

Admin

හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරනවා, යුධ අපරාධකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙනවා ! – රවුෆ් හකීම් තමිල්ණාඩුවේදී කියයි

colombotoday

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin