Colombo Today Local News

ගම්පහ අධිකරණය අසලදී වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ මරුට

ගම්පහ අධිකරණය අසලදී ඊයේ (27) දහවල් සිදු කළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ‘පස් පොඩ්ඩා’ නමැත්තා මිය ගොස් තිබේ.

සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙක් වෙඩි ප්‍රහාරයට ලක් වුණේ, ගම්පහ අධිකරණයේ නඩු කටයුත්තකට පෙනී සිට අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදීයි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

44 සහ 49 හැවිරිදි ගලගොඩ, කුලීගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස මියගියේ ය.

පොලිසිය සැක පළ කරන්නේ එම වෙඩි තැබීම අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ පෙරේදා සිදු වූ වෙඩි තැබීමට යම් සබඳතාවක් ඇති බවටය.

මෙම ඝාතනය ද ඇතුළුව පැය 48 ක් තුළ වෙඩි තබා සිදු කළ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 05 කි.

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ජර්මන් සංචාරයේ.. බලය බෙදන හැටි සොයා බලයි !

colombotoday

නවක වදයට විසදුම් සොයමින් පේරාදෙණිය සරසවියෙන් නායකත්ව පුහුණු පාඨමාලා ඇරඹෙයි…

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

colombotoday

උසස් පෙළ විභාගය යලි කල් යයි

Admin