හබරාදුව, කුන්දුප්පකන්ද ප්රදේශයේදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී ගෙලට පිහියකින් පහරදී එම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.
පිය – පුතු දෙපළක් බීමතින් සිය නිවසේ සිටියදී අසල නිවසක සිටි දෙදෙනෙකු එම නිවසට පැමිණ එම ආරවුල ඇතිකර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ, 30 හැවිරිදි පුද්ගලයෙකි.
ඊට සම්බන්ධ 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.