World

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට එක්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ අමාත්‍යාංශ පිහිටි මාර්ග අවහිර වන අයුරින් මෙම විරෝධතාවය පැවැත් වී තිබේ. කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මූල්‍ය වංචා චෝදනාවකට ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකයට කැඳවා ප්‍රශ්න කරමින් සිටින අතරතුර කොංග්‍රස් පාක්ෂිකයන් මෙම විරෝධතාවය පවත්වා ඇත.

ඉන්දියාව පොලිස් රාජ්‍යයක් වී ඇති බවත් එහි රජු අගමැති නරේන්ද්‍ර මෝදි බවත් පවසමින් කොංග්‍රස් පාක්ෂිකයන් විරෝධය දක්වද්දී රාහුල් ගාන්ධි එයට එක්ව තිබේ. රාහුල් ගාන්ධිට අමතරව පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක්ද අත්අඩංගුවට පත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබිණි.

Related posts

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

Admin

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

colombotoday

ළමුන්ට සහ දෙමාපියන්ට පීඩනය වැඩියි. – පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

colombotoday