Colombo Today Local News

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධ වලින් කපා සිටි අයෙක් මරුට

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී ඊයේ (25) රාත්‍රියේදී තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සහිතව සිටි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 34 ක් වන කුරුනියාවත්ත, වැල්ලමි පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) දින සිදු කිරීමට නියමිතය.

ඝාතනය සිදුකල සැකකරුවන් අනාවරණය වී නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday

ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව ජලභිතිකාව වළක්වන්න රටපුරා වැඩසටහන්

Admin

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

සිවුරට අත තිබ්බොත් ආණ්ඩුවේ අවසානයයි, බුද්ධ නීතියට මිස ගිහියන්ගේ විනය නීතිවලට භික්ෂූන් යටත් නෑ – ඤාණසාර හිමි

colombotoday