World

ඉන්දියානු නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද(25) දිනයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය ඉන්දියාවේ 15වන ජනාධිපතිවරයා ලෙසයි දිවුරුම් දෙනු ලබයි.

ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ඉන්දියාවේ පළමු ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාව මෙන්ම ඉන්දියාවේ ජනාධිපති ධූරය හොබවන දෙවන කාන්තාවද ඇයයි.

ඉන්දීය අගවිනිසුරු එන්.වී රාමනා ඉදිරියේ ද්‍රෞපදී මුර්මු ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය මහත්මා ගාන්ධිගේ ස්මාරකය වෙත අද (25) උදෑසන ගොස් ගෞරව දක්වා තිබේ.

Related posts

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

colombotoday

මෙවර රසායනික විද්‍යාව නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට

Admin

ජයග්‍රහණයක් ලෝකයට පෙන්වීමට ඊශ්‍රායලයට එරෙහිව හමාස් දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි.

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජය ගැනීමට චීන ජනපතිගේ සහාය පතයි

colombotoday

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday