Colombo Today Local News

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

යුධ අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය නම් සංවිධානයක් (ITJP) සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා 2009 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී ජිනීවා සම්මුතීන් උල්ලංඝණය කළ බව පෙන්වා දෙමින් මෙම සංවිධානය එරට නීතිපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් දක්වමින් පිටු 63 කින් සමන්විත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම වරද විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පුරුවේදී නඩු පැවරීමට යටත්වන අපරාධයක් බවද එම සංවිධානය පෙන්වා දි තිබේ.

ඔහුට එරෙහිව සිංගප්පූරුවේදී නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ යනු තම රටේ ආර්ථික අර්බුදය නොතකා පලා ගිය තැනැත්තෙක් බවත් මෙම සංවිධානය පෙන්වා ඇතැයි රොයිටර් පුවත්පත් සේවයේ වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම සිංගප්පූරුවේදී භාර දුන්නේද ජූලි 13 වැනිදා එනම් රටෙන් පලා ගොස් දිනකට පසුව බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මීට පෙරද ශ්‍රීලංකාවට දිගින් දිගටම යුධ අපරාධ චෝදනා නැගීමට මුල් වූ යස්මින් සුකා ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ ධුරය හොබවයි.

Related posts

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

colombotoday

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

අවුරුදු 10ක දියණියකට බරපතළ ලිංගික අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

Admin

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday

බදියුදීන් ඥාණසාර හිමියන්ගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි.. නඩුව අද කොළඹ මහාධිකරණයේ

colombotoday