වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ ඊට අදාල දිනය අනුව රටපුරා ඉන්ධන බෙදාහැරීම හෙට (21)දින ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ අද (20) පස්වරුවේ මේ බව පැවසීය.
එම ඉන්ධන බෙදාහැරීමට ‘ජාතික ඉන්ධන බලපත්රය’ අදාල නොවන බව ද ඔහු සදහන් කරයි.
වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4 සහ 5 වන වාහන පමණක් අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසයි.