Colombo Today Local News

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

ජනතා කැමැත්තේ විකෘති පිළිඹිඹුවක් අද (ජූලි 20) පාර්ලිමේන්තුව පෙන්නුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අද (ජූලි 20) පාර්ලිමේන්තුවේදී නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වීමෙන් පසු අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

දිසානායක මහතා සඳහන් කළේ, තමාට ලැබෙන ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන විට ම දැන සිටි බව ය.

එබැවින් ප්‍රකාශයට පත් කළ ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් විස්මයට පත් නොවූ බව ඔහු පැවසීය.

“මම හිතන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ ගොඩනැගෙන කවර වර්ගයේ ආණ්ඩුවට සුජාතභාවයක් තියේවි ද කියලා දීර්ඝ කාලයක් මේ රට පාලනය කරන්න. ඒ නිසා ඉතා වේගයෙන් නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි.”

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ඡන්ද 3ක් හිමි විය.

Related posts

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

colombotoday

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin

මිනුවන්ගොඩින් උණ්ඩ තොගයක් සමග ගිනි අවි, තියුණු ආයුධ සහ වාහන අංක තහඩු කීපයක් අල්ලයි

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

ගංඟා වල ජල මට්ටම් ඉහළට

colombotoday