කටුනායක, මහගම, හීනටියන ප්රදේශයේදී ත්රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර තිබේ.
ඉන්ධන මිලදී ගැනීම සඳහා පිරවුම්හලක් වෙත යමින් සිටි එම ප්රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් මත වෙනත් ත්රිරෝද රථයකින් පැමිණි පිරිසක් කඩුවලින් පහරදී ඊයේ රාත්රී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.