Colombo Today Local News

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් – සජිත්

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ සිවිල් ජනතාවට සිය මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීමට අයිතියක් ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසයි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවැතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ව සුරක්ෂිත කිරීම හා මහජන ජනජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එලෙස හදිසි තත්ත්වය බලාත්මක කර ඇතැයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

සඳහිරු සෑයේ නිදන් වස්තු ගැන FCID පරීක්ෂණ ඇරඹේ.. නාහිමිවරුන්ගෙනුත් ප්‍රශ්න කෙරේ !!

colombotoday

ජනපති රනිල් ජපාන අගමැති ටෝකියෝවේදී හමුවෙයි

colombotoday

ප්‍රධාන පාම් ඔයිල් ආනයන සමාගම් දෙකක් කළ කෝටි 613ක පාඩුව

colombotoday

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ ඉතා සාහසික ක්‍රියාවක්- මංගල

colombotoday