Colombo Today Local News

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

ලබන 20 වෙනිදා සිට ජාතික ඉන්ධන අවසර පත්‍රයට පමණක් ඉන්ධන නිකුත් කරන බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු ජනතාවට දැනුම් දෙන්නේ එතෙක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණිමෙන් වළකින ලෙසයි.

ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වන තුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදු නොවනු ඇති.

සිපෙට්කෝ ඉන්ධන ප්‍රවාහනය අද දිනයෙත් සිදුනොවන අතර අයි.ඕ.සී සමාගමේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ටැකි රථ යොදවා ඇති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

මේ අතර අදත් ඉන්ධන පිරවුම් අසල නොසන්සුන්තා මෙන්ම දිගු පෝලිම් ද දක්නට ලැබිණ.

Related posts

වරාය රාජ්‍ය ඇමැතිට බලය පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

colombotoday

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday

අදත් විදුලි කප්පාදුවක්

colombotoday

ජාතිකත්වයට වැට බඳින නීති ගෙනෙද්දී සිංහලේ සිසාරා ‘සිංහලේ’ රැල්ල හමා යයි

colombotoday