Colombo Today Local News

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

සම්මුතියකින් ආණ්ඩුවේ ප්‍රධාන නිලතලවලට සුදුසු පුද්ගලයන් පත්කර ගත යුතුයි යන මතයේ ප්‍රධාන විපක්ෂය සිටිය ද විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් නියෝජනය කරන ඇතැමුන් එම මතයේ නොසිටින නිසා එම අදහස අත්හැර ගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

විපක්ෂය ඇතුළු සියලු විද්වතුන්ගේ මතය සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

“අපි උත්සාහ කළේ පක්ෂ නායක රැස්වීමට කලින් විපක්ෂයේ මන්ත්‍රීවරු නැවත රැස්වෙලා කලින් ගත්ත අදහසේ තව ම ඉන්නව ද බලන්න. ඒත් එම කණ්ඩායමේ කිහිප දෙනෙක් කලින් ගත්ත මතයේ හිටියෙ නෑ. කොටින් ම විපක්ෂයේ සම්මුතියක් ඇති කරගන්න බැරි වුණා. විපක්ෂයේ කියන්නේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් නෙවෙයි. අනිකුත් පක්ෂවල ඉන්න මන්ත්‍රීවරු. විපක්ෂය පැත්තෙ වාඩිවුණු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්.

ඉතින් අපි කතානායකතුමාට යෝජනා කරන්න හිටියේ විපක්ෂයේ අදහස අපි සම්මුතියකින් මේ රටේ නිලතලවලට කෙනෙක් ඉදිරිපත් කරනවා කියලා. ඒත් එම සම්මුතිය ගන්න බැරි වුණු නිසා අපි ඒ අදහස අත්හැරියා. අපි තව ම ඉන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් මේ රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් කියන මතයේ. ඒ වගේ ම ජනතා අරගලය බලාපොරොත්තු වෙන්නේත් ඒ දේමයි. දැන් ඉන්න ආණ්ඩුවට අලුත් මුහුණ දාලා ඉදිරියට යාමක් නෙවෙයි.”

Related posts

ආණ්ඩුවට හිතවත් අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වයි… ඤාණසාර හිමිගේ සිවුර ගලවන්න දන්න සෙල්ලං ඔක්කොම දමයි…

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday

අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවා

colombotoday

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

colombotoday