Colombo Today Local News

වැඩබලන ජනාධිපතිගෙන් ජීවන බර අඩු කරන්න මෙතෙක් නොලැබුණු සහන

දැඩි ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්ධන,ගෑස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බැවින් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට තමා තීරණය කර තිබෙන බවයි.

මෙම කඩිනම් සහන වැඩපිළිවෙළට අමතරව ලබන අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ද ජීවන බර අඩු කර සහන සැලසීම සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

අහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවෙි දී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනතාව වෙත ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදෙන ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් ද වැඩබලන ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත.

එමෙන්ම ව්‍යාපාර බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ඔවුනට සකස් කර දිය යුතු බවට ද ⁣මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙි.

Related posts

පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යයි.. තෙල්දෙණියේ නොසන්සුන් තත්ත්වයක්

colombotoday

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

colombotoday

ඇමතිලාට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

colombotoday

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

Admin

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී

colombotoday