අද (13)දිනයේ සිට පිට පළාත්වලට ගෘහස්ත ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව ගෑස් සිලින්ඩර් 5,5000 ක් බෙදා හරින බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.
ඊයේ දින මෙරටට ළඟා වූ මෙට්රික් ටොන් 3700 ක් රැගත් ගෑස් නැවෙන් තොග ගොඩබෑම අද ආරම්භ කළ බව ද ඔහු පවසයි.
මේ අතර ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින ලෙසයි.