Colombo Today Local News

තියුණු ආයුධකින් ගෙල කපා තිදරුපියෙකු මරලා

අක්මිමන තල්ගම්පල ජනාධිවත්ත ප්‍රදේශයේ දි තිදරුපියෙකු තියුණු ආයුධකින් ගෙල කපා ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ මළ සිරුරු අද (07) උදැසන ඔහුගේ නිවසට යන මාර්ගයේ තිබි හමුවි ඇති බැව් පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන ජනාධිවත්ත තල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මුරුක්කුආදුරගේ සුරේෂ් විජිත කුමාර (41) නැමති පේදරේරුවෙකි.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ බිරිද අක්මිමන හියාරේ දිවෙල්වත්ත ප්‍රදේශයේ දරුවන් සමග පදිංචිව සිටින අතර මොහු තල්ගම්පල ජනාධිවත්තේ නිවසේ තනිවම පදිංචිව සිට ඇත.

ඊයේ (06)රාත්‍රි ජනාධිවත්ත ප්‍රදේශයේ නිවෙස්හිමියකු විසින් ඔහුගේ නිවසට ගල්ගසන් බවට අක්මිමන පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදි ඇත.

ඉන්පසු අක්මිමන පොලිසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඇත. පොලිස් නිලධාරින් පැමිණෙනු දැක ඝාතනයට ලක්වු පුද්ගලයා දිවගොස් ඇති බවද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා තම නිවසේ සිට රාත්‍රි 11.00ට පමණ වෙළදසැලකට ගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විමට නියමිතව තිබු අතර අක්මිමන පොලිසිය මෙකි ඝාතනය පිළිබද පරික්ෂණ පවත්වයි.

Related posts

මරික්කර්ගේ හිතේ සිංහලයන් නෑ – මිනිස්සු අත වනද්දී මුස්ලිම් ජනතාව විතරක් බේරාගෙන

colombotoday

“දැයම එක රොදකට”- ගම්පහ විද්වත් කතිකාව. Live

colombotoday

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

Admin

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

ඩොලරයේ අද මිල

Admin

කෝටියක වන්දි මුදලක් නොදුනහොත් දරුවාගෙන් පළිගන්නවා කිවුවා.. ධම්මික කණට ගැසූ වෛද්‍යවරයා මාධ්‍ය හමුවක

colombotoday