Colombo Today Local News

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පාර රාජ්‍යයක් පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය කරුණු හෙළිකර තිබෙනවා.

එම රාජ්‍යය තුළ ක්‍රියාත්මක දේශපාලන සන්නද්ධ කණ්ඩායම් බුද්ධි අංශ සහය පවා ලබා ගනිමින් තම දේශපාලන කඳවුරු වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවට පැහැදිලි සාක්ෂි ඇති බවද ඔහු සඳහන් කර තිබෙන්නේ ඔහු විසින් රචිත “පාස්කු ප්ඉරිදා ප්‍රහාරය පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්” නම් කෘතිය පිළිබඳ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මෙම පාර රාජ්‍යය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිලන්ත ජයවර්ධන එහි සාමාජිකයෙකු ලෙස තමා විශ්වාස කරන බවද සුනන්ද දේශප්‍රිය මෙම සංවාදයේදී සඳහන් කර තිබීම විශේෂත්වක්.

එම කණ්ඩායම අදට ද සක්‍රීයව කටයුතු කරන බැවින් ජනාධිපති අනුර කුමාර ඇතුළු පිරිස බරපතල ජීවිත අවදානමකට ලක්වන අයුරු ද ඔහු මෙහිදී පැහැදිලි කර තිබෙන්නේ තවත් වැදගත් කරුණු රැසක් හෙළිකරමින්.

Related posts

ෆොන්සේකා භාරයේ තිබූ වනජීවී අමාත්‍යංශයේ සුපිරි ජීප් රියක් අතුරුදන් – රහස් පොලීසියට පැමිණිලි

colombotoday

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

colombotoday

සමෘද්ධිය නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ඒකාබද්ධය, ජවිපෙ එස්.බී ට වටකර පහර දෙයි !

colombotoday

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

colombotoday

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

Admin