Colombo Today Local News

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඩීමේ පනත නමින් නවත පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇති බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එම පනතද ඇතුළුව ජාතික ආරක්ෂාව, රහස්‍ය තොරතුරු යනුවෙන් නව පනත් තුනක් ගෙන ඒමට තීරණය කර තිබේ.

ත්‍රස්තවාදයට යළි ඉඩ නොදීම, ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය, නීතියේ ආධිපත්‍ය, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පනත් තුන ගෙන එන බවද ඇමතිවරයා පවස

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව ඉටු කරමින් අදාල පනත අහෝසි කර එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීම කඩිනම් කළ යුතු බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදීද එම පනත අහෝසි කිරීමට ආණ්ඩුව එකග වූ බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන් නිදහස් කිරිමේ කටයුතු පමාව තිබෙන්නේ එම පනත තවමත් ක්‍රියාත්මකව තිබෙන බැවින් බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ජාත්‍යන්තරයෙන් හා රාජ්‍ය ‍නොවන සංවිධානවලින් පසුගිය කාලය පුරා ආණ්ඩුවට දැඩි බලපෑම් එල්ලවිණි.

Related posts

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් සංස්කෘතියට ගහන යමර ගැහිල්ල ඕෂධී හෙළි කරයි !

colombotoday

ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිදු කළ මහා මිනිස් සංහාරයට අදට වසර 35ක්

colombotoday

පන්නිපිටිය බෝධිය කපා ඉවත් කිරීම සතියකින් කල් දැමේ

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනා ගන්න ඇප් එකක්

colombotoday

(VIDEO) ජනපතිට අගමැතිට ඇරෙනවනම් ඇස්කන් ඇරෙන්න බෝගස්වැවේ හාමුදුරුවෝ කියපු කතාව

colombotoday