Colombo Today Local News

පෞද්ගලික රෝහලකදී හමුවූ අත්බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් ජීව උණ්ඩ 18ක් සමග හසුවේ

පසුගියදා නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ජීව උණ්ඩ 18ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් 14 වනදා අදාළ රෝහලේ වැසිකිලියක් තුළ තිබීයදී එම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පසුව අනාවරණය වුයේ අත්බෝම්බය එහි තබා ඇත්තේ සිද්ධියට අදාළව එදිනම අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු බවය.

අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳ ඔත්තුව ද ඔහු විසින්ම ලබාදී තිබූ අතර රෝහලෙන් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බවද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

Related posts

කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්

Admin

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ විඩියෝ දර්ශන ලබා ගත් බංගලියා මාට්ටු

colombotoday

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday