Colombo Today Local News

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරීමට උපයෝගී කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම සැකකරු රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද ඔහු සඳහන් කරයි.

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අපයෝජනය කළේයැයි කියන සිද්ධියකට අදාළව ළමා හා කාන්තා කාර්යාංශය සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වනවිට සැකකරුවන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

Related posts

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

colombotoday

ජනවාරි සිට සිකුරාදා දිනයේ කාර්යාලයට බතික් අඳින්න – රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර ඉල්ලයි

colombotoday

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin