Colombo Today Local News

“මෛත්‍රීගේ ප්‍රකාශය මටනම් පුදුමයක්.. පහුවෙලා හරි තේරුණානම් ලොකු දෙයක්“ – හිටපු ජනපති

mahinda-r33

සීඅයිඩීය එෆ්සීඅයිඩිය සහ අල්ලස්‌ කොමිසම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරනවා නම් ඔවුන් සම්බන්ධව තීරණයක්‌ ගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය ගැන තමා පුදුමයට පත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් කල්ගත වී හෝ මෙවැන්නක්‌ තේරුම් යැම වැදගත් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අද රට මුහුණපා ඇති ප්‍රශ්න හා ජීවන ගැටලු පිළිබඳව රටේ ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. නමුත් රට කරවන උදවියට මේ පිළිබඳව හරි අවබෝධයක්‌ නැහැ. මඩකලපුවේ මා කළ සංචාරයකදී එම ජනතාව රට මුහුණපා තිබෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඒවගේ සෑම පළාතකම ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව මා සමග කතාබහ කරනවා.

ඒත් පුදුමේ අද රට කරවන උදවියට රටේ ජනතාව මුහුණපා සිටින ප්‍රශ්න නොපෙනීමයි

– දිවයින

Related posts

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

කිරි පිටි විසයිනම් ආනයනය වහාම නවත්වන්න – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

අප්‍රේල් පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩුව කෝටි හයදාහක් අච්චු ගහලා !

colombotoday

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday