Colombo Today Local News

සිරස මාධ්‍යවේදීන්ට පහර දීම : පොලිස් විශේෂ කාර්ය බලකායේ SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

News 1st මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය 9 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අසල පැවති විරෝධතාවක තොරතුරු වාර්තාකරණයේ යෙදී සිටියදී නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් පිරිස පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලීසිය පහරදීමට ලක්විය.

පසුව පහරදීම්වලින් තුවාල ලැබූ මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යාමට එම ස්ථානයට ගිය තවත් නිව්ස් ෆස්ට් කණ්ඩායමකට ද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් අමානුෂික ලෙස පහර දුන්නේ ය.

ඒ අනුව පහර දීමේ සිදුවීමට අදාළව සහ එම පහර දීම වැළැක්වීමට කටයුතු නොකිරීම මත පොලිස්පතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 07 දෙනෙකුට තුවාල සිදුවිය.

Related posts

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday

රන්ජන්ට ඇප නෑ !

colombotoday

වැලනොකැඩී පොහොට්ටුවේ තවත් අය ජනපති සමඟ එක් වෙයි

Admin

“සංහිදියාව හදන වැඩේ මට හරියට කරගන්න දෙන්නෑ.. චන්ද්‍රිකා ඇගිලි ගහනව“ – සංහිදියා ඇමති

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday