Colombo Today Local News

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

ආනයනික ලොකු ලූනු සඳහා කිලෝවකට රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඊයේ(06)දින පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින්, ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළමින් පවතින බැවින්, ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද රජයෙන් පසුගියදා ඉල්ලීමක් කළේ ය.

Related posts

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

colombotoday

හිටපු මුදල් ලේකම් නැවත වැඩට බහී

Admin

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

colombotoday

කොවිඩ් රීති කඩා හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවයේ සභාපති සහ ලේකම් අත්අඩංගුවට

colombotoday

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday