Colombo Today Local News

රාජ්‍ය ආයතන 7ක් එකවැර විකුණා දැමීමට රජය තීරණය කරයි !

fslමත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටු‍පොළ ඇතුළු රාජ්‍ය ආයතන හතක් එකවර විකුණා දැමීමට රජය තීරණය කර තිබේ.

අදාළ විකිණීම් සියල්ල කොටස් වෙළෙඳ‍පොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුක්තව විකිණීමටද රජය තීරණය කර ඇත.

මත්තල ගුවන්තොටු‍පොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිටි රිජන්සි හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන හතක් මේ ආකාරයට විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇත.

මේ අතර මත්තල ගුවන්තොටු‍පොළ විකිණීමට අදාළ මිල ගණන් සඳහා ලබන අගෝස්තු 12 දා දක්වා අභිරුචි අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාකර දී තිබෙන බව රජය පවසයි. මත්තල ගුවන්තොටු‍පොළ තුළ වසරකට ගුවන් මගීන් ලක්ෂ දහයකට පහසුකම් සැලසීමට ධාරිතාවක් තිබෙන නමුත් මේ වන විට එහි පැමිණෙන්නේ දිනකට ගුවන් යානා දෙකක් පමණක් බවත් රජය පෙන්වා දෙයි.

Related posts

සිරකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

colombotoday

“මේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ.. සම්බා සහල් මිල ඉදිරි දිනවල පාලනය කරනවා” – බන්දුල ගුණවර්ධන

colombotoday

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ – පොලිස් කොමිෂන් සභා කටයුතු අරඹයි

colombotoday

ඒකාබද්ධයේ මැයි රැලිය ගාලු මුවදොර සිට සජීවීව [Live]

colombotoday

“ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආයෝජන ගලාගෙන එනවා. රටට කිරි උතුරනවා” ඉරාන්

colombotoday

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

colombotoday