Covid 19

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පැවැත්වු දානමය පිංකමට ගිය 21කට කොවිඩ්

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව කෑගල්ලේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට ඊයේ (06)දින හඳුනාගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 29 වැනිදා එම දානමය පිංකම පවත්වා තිබුණි.

ඊට සහභාගී වූ සිව්දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව සෙසු පිරිස PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී ද ඔවුන්ගෙන් තවත් 17 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුටත් ඊයේ කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පොළොන්නරුව කදුරුවෙල නගරයේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග ඊයේ පස්වරුවේ සිට නගරයේ කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණි.

මේ වනවිට කදුරුවෙල නගරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

colombotoday

කොවිඩ් මරණ ගණන 217කට නගී

colombotoday

ගර්භණී මව්වරුන් 700කට කොවිඩ් | මව්වරුන් 19ක් ජීවිතක්ෂයට

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

colombotoday

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

colombotoday