Colombo Today Local News

ලංවිම වැඩ වර්ජනය තාවකාලිකව නවතී | ගල් අඟුරු බලාගාර සියල්ල සක්‍රීයයි

සියලූම ගල් අගුරු බලාගාර පූර්ණ ධාරිතාවය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වෙමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

කෙසේවෙතත් පැවති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හමුවේ ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වී ඇති බව එහි සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන බලාගාර ද එලෙස ක්‍රියා විරහිත වී විදුලි උත්පාදනය නතර වී ඇති බව ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති අතර විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්.

Related posts

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

colombotoday

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

කරුණා අම්මාන්ගේ දියණියක් මිය යයි.. අවසන් කටයුතු පන්සලේ සිදු කරයි !

colombotoday

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

රට බෙදන්න උතුරෙන් ‍සම්මත වූ යෝජනාව ලබන සතියේ රජයට

colombotoday