Colombo Today Local News

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

විදුලි බලමණ්ඩලයට අද සිට දින 14ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයෙන් මහලේකම් ධම්මික විමලරත්න යන දෙදෙනාට මෙම වාරණ නියෝගය නිකුත් කෙරිණි.

මෙම නියෝගය වහාම දුරකථන මාර්ගයෙන් අදාල වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලෙසටද දිසා අධිකරණයේ රෙජිස්ටර් වරයාට අධිකරණ නියෝගයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනු ලැබූ දිසා විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙහි අතුරුතහනම් දැන්වීම් සහ නොතීසි වගඋත්තරකරුවන්ට යැවීමට නියෝග කළ අධිකරණය නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.

Related posts

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

colombotoday

තිළිණිගේ හොර වැඩ වලට ගයිට් කළ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

Admin

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday