Colombo Today Local News

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

වත්මන් දුෂ්කරතා ජය ගැනීමට ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා Bloomberg සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී (8)දින මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

මිත්‍ර අසල්වැසියන් ලෙස චීනය ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව ත් චීනය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහයෝගය ලබා දී ඇති බව ත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

Zhao Lijian සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ණය ගෙවීම් අත්හිටුවන බව ප්‍රකාශ කිරීමෙන් පසු චීන මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ අදාළ ආයතන සමග සම්බන්ධ වෙමින් චීනයට අදාළ කල් පිරුණු ණය කළමනාකරණය කිරීමට නිසි ක්‍රමයක් සොයා ගැනීම ඔස්සේ වත්මන් දුෂ්කරතා ජය ගැනීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කර ඇති බව ය.

එමෙන් ම, ශ්‍රී ලංකාව ද චීනය සමග සමාන ආකල්පයකින් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇති බවට ත් ශක්‍ය විසඳුමක් කඩිනමින් සකස් කරනු බවට ත් චීනය බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, වර්තමාන දුෂ්කරතාවලට සහ ණය බර ලිහිල් වීමට සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට දරන උත්සහයට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය සඳහා අඛණ්ඩව සහය දීමට ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට චීනය සූදානම් බව ද Zhao Lijian ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, ඒ අතරතුර ශ්‍රී ලංකාව ස්වකීය ප්‍රයත්නය ඉහළ නංවා, ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යනුකූල අයිතීන් සහ අවශ්‍යතා ආරක්ෂා කරනු ඇති බවට ත් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ මූල්‍ය පරිසරයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය සහතික කරනු ඇති බවට ත් අපි චීනය විශ්වාස කරන බව ය.

දුෂ්කරතා අත්විඳින ශ්‍රී ලංකාවට සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකි ඉක්මනින් එම දුෂ්කරතා මගහරවා ගැනීමට ඉන්දියාව සහ සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව Zhao Lijian තව දුරට ත් ප්‍රකාශ කර ඇත.

ඉන්දීය රජය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බොහෝ දේ කර ඇති අතර එම උත්සහයන් චීනය අගය කර බව ද ඔහු එහිදී සඳහන් කර තිබේ.

Zhao Lijian වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, චීන රජය උපරිමයෙන් ශ්‍රී ලාංකාවට උපකාර ලබා දීම සඳහා පවතින අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නා බව ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා ජූනි 6 වන දා Bloomberg සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 1.5ක ණය මාර්ගයක් ලබා ගත නොහැකි බව ත් ඩොලර් බිලියන 1ක ණයක් සඳහා චීනයෙන් කළ ඉල්ලීම ගැන තවම ත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ත් ය.

එමෙන් ම, චීනය සිය උපායමාර්ගික අවධානය අග්නිදිග ආසියාව සහ අප්‍රිකාව වෙත යොමු කර ඇති බව පෙනෙන බව ත් දකුණු ආසියාව කෙරෙහි අඩු උනන්දුවක් දක්වන බව ත් ඔහු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

Related posts

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

“ජනපතිට වරම ලැබුණේ උතුරෙන්.. නව ව්‍යවස්ථාවක් ගෙනත් බලය බෙදීමට ඔහු බැදී සිටිනවා“ – කිරිඇල්ල

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

colombotoday

චෝදනා මල්ලක් අරන් ඩයස්පොරාව සමග සන්ධ්‍යා එක්නැලිගොඩත් ජිනීවා යයි !

colombotoday