Colombo Today Local News

බිත්තර වී වගාවට රසායනික පොහොර නිකුත් කරයි

පළාත් නවයේම බිත්තර වී වගා කරන ලද කුඹුරු සඳහා අවශ්‍ය රසායනික පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

පළාත් නවයේ හෙක්ටයාර් 6,774.3ක් මෙවර යල කන්නයේ බීජ වී වපුරා ඇතැයිද එම කුඹුරුවලට අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 1524ක්, TSP ( Tipple Super Phosphate ) පොහොර මෙට්‍රික් ටොන් 372.6ක් සහ MOP ( Murate OF Potash ) මෙට්‍රික් ටොන් 406.5ක් මේ වනවිට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ගුණාත්මක භාවයෙන් යුත් බීජ වී ගොවීන්ට ලබාදීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

colombotoday

විදුලි පහන් සංඥා නොතකා ආ බස්යක් ලොරි‍යක ගැටී පෙරලෙයි

Admin

දඩය වැඩි නොකරන්න ජනපතිගෙන් පොරොන්දුවක් ! “අපි රැවටුණා.. වර්ජනය වැරදියි“ බස් සංගම් කියයි

colombotoday

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

Admin