Colombo Today Local News

පී. බී. ජයසුන්දර, කබ්රාල් ඇතුළු පිරිසක් අද මුදල් කාරක සභාවට

හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලතල හෙබවූ කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට අද (08) දිනයේ කැඳවා තිබේ.

රටේ වත්මන් ආර්ථික අර්බුදයට බලපා ඇති හේතු පිළිබඳ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම කැඳවීම කර ඇති බව එහි සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ අනුව අද පස්වරු 2.00 ට මුදල් කාරක සභාව හමුවේ එම පිරිස පෙනී සිටීමට නියමිත බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

මීට අමතරව අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් යන මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් මෙන්ම මුදල් අමාත්‍යාංයේ හිටපු ලේකම් එස් .ආර්. ආටිගල මහතා ඇතුළු පසුගිය කාලයේ මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලතල හෙබවූ පිරිසක් ද අද දිනයේ මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

Related posts

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

කටුබැද්දේ බූරු පිටියක් වටලා 9ක් අල්ලයි

colombotoday

හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

Admin

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

Admin

ආගමික ගැටුම් අවුලන්න ඇමරිකාවේ සිට එවූ ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට…

colombotoday