අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ධුරයෙන් ඉවත්ව යෑමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, තමන්ට වසර 5ක කාලයක් සඳහා බලය ලබා දී ඇති බවය.
ධුර කාලය අවසන් වීමට පෙර තමා ධුරයෙන් ඉවත් නොවන අතර නැවත තරග නොකරන බව ද එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.