Colombo Today Local News

“ප්‍රභාකරන්ගේ යුද්ධය සාධාරණයි.. විසදුමක් නොදුන්නොත් නොසිතූ දේවල් සිදුවෙයි” සම්බන්ධන් රතු එළි දල්වයි

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් උතුරු නැගෙනහිර අර්බුදවලට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒම වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක නිරත වූ බවත්, 30 වසරක් පුරා ගෙනගිය එම සන්නද්ධ අරගලය සාධාරණ බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

කිලිනොච්චියේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් සම්බන්ධන් පැවසුවේ ප්‍රභාකරන් ගෙන ගිය සන්නද්ධ අරගලයේ සාධාරණත්වය වටහාගනිමින් එම අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන ඒම රජයේ වගකීම බවයි.

සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදයට ස්ථීර විසදුමක් ගෙන ආ යුතු බවත්, මීට මුස්ලිමි ජනතාව වෙනුවෙන් ඔවුනගේ නියෝජිතයින්ද දායක විය යුතු බවත්, එසේ ස්ථීර දේශපාලන විසදුමක් ලබා දීමට කටයුතු නොකළහොත් යළිත් නොසිතූ අන්දමේ භයානක ඉරණමකට මුහුණ දීමට සිදුවන බවද ඔහු අනතුරු අගවා සිටියේය.

1979 වසරේදී තමන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාව සමඟ එක්වී එක්සත් අරගලයක් සිදු කළ යුතු බවට තමා සමඟ පැවසීයැයි ද ඔහු කීවේය.

ආයුධ සන්නද්ධ අරගලයෙන් තොරව සිය අර්බුදවලට විසදුමි හිමි වන ස්ථීර දේශපාලන විසදුමකට බලපෑම් කිරීමෙි අයිිතියක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඇති බවත්, මෙි සමිබන්ධයෙන් තමන් ද ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතා හා සාකචිඡා කරන බවත් සම්බන්ධන් සදහන් කර සිටියේය.

Related posts

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

colombotoday

හොරු අල්ලන්න චීනයෙන් සුපිරි කණ්ඩායමක් මෙරටට

Admin

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

colombotoday

අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

colombotoday